බටහිර නොවන ලෝකයේ නැගී එන බලපෑම ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් BRICS සමුළුව ආරම්භ කරයි.

රුසියාවේ Kazan හීදී මෙවර සමුළුව ඔක්තෝම්බර් 24 දක්වා පැවැත්වෙනු ඇති. ඊට BRICS හි සාමාජික රටවල් නියෝජනය කරමින් චීන ජනපති ෂී ජින් පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු නැගී එන ලෝක බලවතුන් 20 දෙනෙක් එක්වණු ඇති.

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව නියෝජනයෙන් ලත් සංවිධානයක්. බටහිර ප්‍රමුඛ ලෝකයට ප්‍රතිවිරෝධකයක් ලෙස බොහෝ විට හඳුන්වනු ලබන මෙම කණ්ඩායමට ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් කරගෙන තවත් පුළුල් වී තිබේ.

More Stories