ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් මගින් ප්‍රවාහනය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ කොවිඩ් 19 වසංගතය දැඩි ලෙස පැතිර යාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂවරයකු පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසන ලද්දේ විශේෂයෙන් හැටන් නගරයේ සිට බගවන්තලාව, මස්කෙළිය, අප්කට්, ෆෝඩයිස්, ෆෝඩයිස් හරහා ඩයගම යන වතු ආශ්රිත මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව අධික ලෙස මගින් රැගෙන යාමට කටයුතු කරන බවට තමන්ට තොරතුරු ලැබෙන බවත්ය.
මෙම තත්වයන් මත මේ වන විට වතු කරය තුල පවතින කොවිඩ් 19 වසංගත අවදානම තවත් වැඩිවි වතු කරය තුල කොවිඩ් 19 වසංගතය සිග්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බවද ඔවුන් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු බස් මගින් කිප දෙනකුම පවසන ලද්දේ මෙම මාර්ගවල ධාවනය කරවන සමහර පුද්ගලික බස් රථවල අධික ලෙස මගින් රැගෙන යන බවත් මෙයට අමතරව සමහර රියදුරන් හා කොන්දොස්තරවරුන් මුඛ ආවරණ නොමැතිවද කටයුතු කරන බවත්ය.
කොවිඩ් වසංගත තත්වයන් හමුවේ ආසන ගනනට පමනක් මගින් රැගෙන යන ලෙස පවසමින් බස් ගාස්තු වැඩි කලද එම නිති කිසිදු ගනනකට නොගෙන මෙකි සමහර රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන්ද කටයුතු කරන බවත් මේ පිලිබදව යම් විමසිමක් කල හොත් එම රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් තමන්ට ඉතාමත් අශෝබන ලෙස බැන වදින බවද ඔවුන් තව දුරටත් පවසති.
අධික ලෙස මගින් රැගෙන එන සමහර බස් රථ හැටන් බස් නැවතුම්පලට ආසන්න ප්රදේශයන්වලදි වැඩි පුර රැදි සිටින මගින් බලහත්කාරයෙන් බැස්සවිමට පියවර ගන්නා බවත් මෙම තත්වයන් මත එම බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත් වන බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්