“මාත්‍රා කලා හා සංස්කෘතික සංසදය ” සමග ඇති සහෝදරාත්මක සබැදියා මතකය වසර 17 තරම්. මම NCDF ආයතනය ගොඩනගන්නේ 2005 දි. හරියටම මට අවුරුදු 21 දි. NCDF එක ගොඩනැගීමේ මුල්ම සාකච්ජාවට මම රවී අයියටත් ආරාධානා කරනව ,( රවී අයියට එතකොටත් දැවන්ත සමාජ සබඳතා තිබ්බ26 හැවරදි තරුණ ගුරුවරයෙක්)ඒත් එදා රවි අයියට ඒ සාකච්ජාවට එන්න බැරි උනෙත් කලා කටයුත්තක් නිසාමයි. ඒ කොහොම වෙතත් NCDF එක විදිහට අපි කරපු සෑම පුරවැසි මැදිහත් වීමක් සදහාම රවි අයියා සහ මාත්‍රා කණඩායම අනූපමය දායකත්වයක් ලබා දීල තියනව.
2007 වර්ෂය කියන්නෙ යුද්ධය දරුණුවටම යන කාලයක්, සුළුතර ප්‍රාජාවගේ අයිතිවාසිකම් ගැන, ප්‍රාජාවන් අතර සංහිදියාව ගැන අපි කරපු මැදිහත් වීම් නිසා ජාතිවාදි සහ ජාතිකවාදි කණඩායම් සහ පක්ෂ වලින් මෙන්ම එවකට රජයේ බුද්ධි අංශ වල දැඩි උදහසට හා දෝෂදර්ශනයට, අපහාසයන්ට මෙන්ම ප්‍රශ්න කිරිම් , දුරකථන ඔස්සේ තර්ජනය කිරිම් ,පසුපස ලුහුබැදීම් වැනි අභියෝග රාශියකට අපි මුහුණ දුන් කාලයක්( එවකට අපි කතාරපු දේවල් වලට දැඩි මතවාදි ප්‍රහාර එල්ල කරපු අය එවකට අපි පෙනිසිටි මතවාද නිවැරදි බව අද පිළිගැනිම සතුටක්)
2007 දි NCDF අපි “ඉඩෝර මල් සාම ගීතාවලිය” නමින් ගමින් ගමට යන ප්‍රසංගයක් සංවිධානය කරනව. එවකට පැවති ආණ්ඩුවේ හැසිරීම සහ යුධ උන්මාදමත් ප්‍රජා පැලැන්තියත් එක්ක එය දැඩි අභියෝගමත් ක්‍රියාකාරකමක්.මායිම් ගම් වලට ගොස් රාත්‍රී කාලයේදි එවැනි වැඩසටහනක් එක්ක සංවාදයක් කරල මානව අයිතිවාසිකම් ගැන , සාමය හා සංහිදියාව ගැන කතා කරනව කියන්නෙම එවකට පැවති දේශපාලනික තත්වයන් එක්ක ඇත්තටම අභියෝගයක් . ඔව් රවී අයියා ඒ අභියෝගය භාරගන්නව , ප්‍රසංගය ඉදිරිපත් කිරීම පමණක් නෙමේ එය සංවිධානය කිරීම් අවසර ලබා ගැනීම් වැනි හැම බාධාවක්ම ජයගන්න රවී අයිය මැදිහත් වෙනව. මිනිස් හිත් නිවෙනා හැන්දෑවන් රාශියක් සදහා සංගීතමය මැදිහත්වීම මාත්‍රා කණඩායම විසින් ලබාදෙනව. එදා ඉඳන් අද වෙනකම් අපි පුරවැසියන් වෙනුවෙන් කරපු සහ කරන සමාජ දේශපාලනික මැදිහත්වීම් වලට අදාල සංස්කෘතිමය ප්‍රවේශයන් වලදී රවී අයියගේ සහ නිමල් අයියගේ ඉදිරිපත් වීම මාරම හයියක්.
මාත්‍රා කලා හා සංස්කෘතික සංසදය විසින් නිර්මාණය කල” දූවිලි” වාර්තා චිත්‍රපට මාලාව එලිදැක්වූ දිනයේදි මවෙත තිළිණ කල මේ මතක සටහනට ස්තූතියි.
සුරංග රූපසිංහ