ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල පුවක් ලංකාවට ආනයනය කර ඒවා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම නිසා මෙරට කරුංකා පුවක් අපනයනය වෙළෙඳපොළ බරපතළ ලෙස කඩා වැටී ඇතැයි තොරතුරු අනාවරණය වේ.

මේ අතර, මෙරට වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 65 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වසරකට කරුංකා පුවක් මෙට්‍රික් ටොන් 15,000 ත් 20,000 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරනු ලැබූවද, ඉකුත් ජනවාරි සිට සැප්තැම්බර් කාලසීමාව තුළදී අපනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 7000 කට වැඩි ප්‍රමාණයකි.

More Stories