gov

එළැඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී එළිදැක්වු සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට සහන රැසක් ලබාදෙන බවට සඳහන් කර තිබෙනවා.

“රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව යටතේ එළිදැක්වූ “පුළුවන් ශ්‍රී ලංකා'” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට හිමිවන සහන පහතින් දක්වා ඇත.

  • 2025 පාදක වසර ලෙස සලකා සියලුම රජයේ සේවකයින් (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව මාසිකව රු. 25,000/-ක් ගෙවනු ලැබේ.
  • රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කර, ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රු.55,000/-ක් ලෙස සලකා අනිකුත් සියලුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැලපීම.
  • වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩි දියුුණු කරලීමට ඉවහල්වන පාඨමාලා හැදෑරීම සඳහා වසරක පඩි සහිත නිවාඩු ලබා දීම.
  • රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලක විශ්වවිද්‍යාලයන් ස්ථාපිත කිරීම.
  • කුසලතාව මත පදනම් වූ උසස්වීම් ක්‍රමවේදයත් සැකසීම.
  • මුළු මහත් රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට පරිවර්තනය කර, වඩාත් කාර්යක්ෂම සහ විධිමත් තලයකට ඔසවා තැබීමට පියවර ගන්නවා. ඊට සහයක් වනු පිණිස ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකථන රාජ්‍ය සේවකයින්ට සහන පදනම මත ලබාදීම.
  • රජයේ නව නිවාස වැඩ පිළිවෙළේ දී නිවාස හිමිකම් නොමැති රජයේ සේවකයින්ට ප්‍රමුඛත්වය ලබාදීම.
  • ආර්ථිකය ශක්තිමත් වෙද්දී, ඊට අනුකූලව ආපදා ණය මුදල ඉහළ නැංවීමටත්, දේපළ හා නිවාස ණය යළි ලබා දීමටත් කටයුතු කිරීම.
  • නිවසේ සිට රාජකාරි ඉටු කළ හැකි සේවාවන් නිවසේ සිට ඉටු කිරීමට අවසර ලබාදීම.
  • නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දීම.
  • විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගැනීම.

ඒ අනුව 2025 වසරේ ආරම්භයේ සිට මෙම කාර්යයන් සඳහා මුල පුරන බවයි ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇත්තේ.

More Stories