නාච්චාදූව වැව් රක්ෂිතයේ සිට තිරප්පනය තිත්තියාගම ප්රදේශයට කඩාවදින වන විශාල අලි රංචුවක් නිසා පූදින ගොයම් අක්කර ගණනින් දිනපතා විනාශයට පත්වන බව වී ගොවින් පිරිසක් දැඩි කනස්සලයෙන් යුතුව අනාවරණය කලහ.
තිරප්පනය ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ 533 ග්රාමනිලධාරි කොට්ඨාශයේ තිත්තියාගම ඇතුළු ගම්මාන රැසක කුඹුරු අක්කර 115කට අධික ප්රමාණයක ට වන අලින්ගේ දරුණු ප්රහාර එල්ලවුවත් වගකිවයුතු රාජ්ය නිලධාරින් ඉතා අපූරුවට මුනිවත රකිමින් සිටිනා බව ගොවින් කීහ.අළුයම වනවිට වන අලි ප්රහාරය නිසා පූදින ගොයම් අක්කර පහකට ආසන්න ප්රමාණයක් විනාශවි ඇති බව ඔවුන් කීහ.
තිත්තියාගම රිලාඅක්කරේ කට්ටකඩුව බදු අක්කරේ ඇතුළු ගම්මාන රැසකට දිනපතා වන අලින්ගේ ප්රහාර එල්ලවන බවත් සියළුම ගොවින් රැය පහන්වන තුරුම හේන්පැල්වලටවී වගා ආරක්ෂා කිරිමට උත්සහයක නිරතවුවත් එම උත්සාහයන් අසාර් ථක බව ගොවින් කීහ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ගොවි මහතුන් පිරිසක්.බොහොම අදාරුවෙන් ගොයම පූදින තත්වයට ගෙනාවත් මේවනවිට අලින් අපිට එලවා එලවා පහර දෙනවා.
වන අලියෝ දහයක විතර රෑනක් හැන්දැවේ හතර වෙනකොට මේ පැත්තට කඩා වදිනවා.නාච්චාදූව වැව් රක්ෂිතයේ ඉදන් තමයි එන්නේ.ඇවිල්ලා අපි අලිකට (අලි එන දොරටුව) රැකගෙන හිටියම වෙනත් පැත්තකින් කුඹුරුවලට ඇතුල්වෙනවා.ඇවිල්ලා අලි රංචුවම ලියදිවල බජවු දානවා.
ලියදි පහක් විතර විනාශ කරා.අලි වෙඩි දැම්මත් පලවාහරින්න අමාරුයි.වනජීවි දෙපාර්තුමේන්තුවේ නිලධාරින්ට මේබව කිවුවට ඇති වැඩක්ම නැහැ. ඔවුන්ට අපි වැව්වත් එකයි නැතත් එකයි යනුවෙන් ගොවින් පිරිස පැවසුහ.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය