හැටන් පොංනගර් මාර්ගය වසර කිපයක් පුරාවට අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ මෙම මාර්ගය දැනට වසර පහතට අධික කාලයක් තිස්සේ මෙසේ අබලන් තත්වයේ පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම මාර්ගය මෙසේ අබලන් තත්වයේ පැවතිම පිලිබදව අවදානය යොමු කර මෙම මාර්ගය නවිකරනය කර දෙන ලෙසට විටින් විට කාලයක් පුරාවට ඉල්ලිම් කලද මේ වන තෙක් මෙම මාර්ගය නවිකරනය කර දිමට එකි බලධාරින් පියවර ගෙන නොමැති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories