පොට්‍රෙක් සංගමය මගින් සංවිධානය කරනු ලබන මැයි දින පෙලපාලිය මැයි මස 01වන දින හැටන් නගරයේදි පැවැත්විමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව අදහස් දක්වන පොට්‍රෙක් සංගමයේ සභාපති එම්. මෛයිත්‍රිලි මහත්මිය පවසන ලද්දේ මෙවර පොට්‍රෙක් සංගමයේ කම්කරු පෙලපාලිය හැටන් නගරයේදි මැයි මස 01වන දින සැමරිමට පියවර ගෙන ඇති බවත්ය.

ඒ අනුව මැයි දින පෙලපාලිය මැයි මස 01වන දින පෙරවරු 10.00ට හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ගමන් ආරම්භ කර හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව දක්වා ගමන් කර එම ස්ථානයේදි විරෝධථා පුවරු ප්‍රදර්ශනයක් සිදු කරන බවත්ය.

මෙම මැයි දින පෙලපාලිය පොට්‍රෙක් සංගමයේ හැටන් හා ලක්ෂපාන ශාඛා මගින් සංවිධානය කර ඇති බවත් මෙම මැයි පෙලපාලිය සදහා ගෘහස්ථ කම්කරුවන් ඇතුළු පිරිසක් එක්වන බවද මෛයිත්‍රිලි මහත්මිය වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts