පොලිස්පති මහජන සහන දිනය ලබන 15 වනදා සිට පොලිස් මූලස්ථානයේදී යලි ආරම්භ කිරිමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබේ.
ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදා දිනයකම පෙරවරු 09 සිට පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
ඒ අනුව දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි අතරින් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වු පැමිණිලි ඝෘජුවම වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතියි.