police

ඊයේ දින රාත්‍රී 9.00ට පමණ මිරිහාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු  පිටකෝට්ටේ  සතොසට ගොස් ඇත්තේ කිරි පැකට්ටුවක්  මිලදී ගැනීම සදහායි .

නමුත්  එම පොලිස් නිලධාරියට සේවකයකු පවසා ඇත්තේ  එම කිරි පිටි පැකට්ටුව ලබා දිය නොහැකි බවයි . කෙසේ වෙතත්    මෝටර්  රථයකින් පැමිණි පුද්ගලයකුට  භාණ්ඩ මිලදී ගැනීමට  එම සේවකයා අවස්ථාව ලබා දීම අනුමත  කල හැකිද  නො හැකි  ද  යන්න තර්ක කල යුතු නොවේ .

මෙම අවස්ථාවේ සියල්ලම අසරණ වී ඇති අවස්ථාවක එයට තර්ක කිරීම නොගැලපෙන්නකි .

නමුත් අප වටහා ගත යුතු කරණය වන්නේ පොලිස්  නිලධාරීන්  මේ මොහොතේ  සිදු කරමින් සිටින්නේ  සිය රාජකාරියට එහා ගිය ජාතික වගකීමක් වන අතර ඔහුන්    පැය  24 රාජකාරියේ නිරතව සිටින මෙවන් අවස්ථාවක  ඔහුන්ට පිටකෝට්ටේ සතොස සේවකයා සැලකු ආකාරය මිනිසෙකුට නොගැලපෙන කාරණයක්  බවයි .

More Stories