police

වහාම ක්‍රියාත්මකවන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

ලබන මස 10 වැනිදා දක්වා එම අවලංගු කිරීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස ශ්‍රී ලංකා පොලීසියේ උපරිම දායකත්වය ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

More Stories