ජාතික ආරක්ෂාවට, අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන්  විශේෂ පුහුණුව ලැබු පොලිස් නිල සුනඛයින්  හතලිස් එක් දෙනෙකු ඉකුත්දා  (25) පොලිස් සේවයට එක් වුහ.

මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාශය වෙත පරිත්‍යාගශිලින්ගෙන් ලැබුණු සුනඛයින් 41 කු මාස දහයක කාලයක් පුරා විධිමත් පුහුණුව ලැබුහ. මේ අතර පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් නිල සුනඛ කොඨ්ශාය වෙත පරිත්‍යාග කරන ලද ලැබ්ඩෝර් වර්ගයේ සුනඛ පැටවුන් 07 කුද  වේ.

මෙම සුනඛයින් 41 ගෙන් 30 කු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සඳහාද, 05 කු අපරාධ සොයා ගැනීම සඳහාද සෙසු 05 නා මත්ද්‍රව්‍ය සොයා ගැනීම වෙනුවෙන්ද විශේෂයෙන් පුහුණුවක් ලබා දී ඇති බව පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම සුනඛයින් සියලු දෙනාම පරිත්‍යාගශිලීන්ගෙන් ලැබුණු හෙයින් පොලිසියට සුනඛයින් මිලදී ගැනීමට අවශ්‍ය නොවු බැවින් විශාල මුදලක් පොලිස් දෙපාර්තමේන්තුවට  ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ වන විට පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ සුනඛයින් 267 ක් සිටින අතර පුහුණුව ලැබු සුනඛයින් හතලිස් එක් දෙනොගෙන් විසි දෙනෙකුම කොළඹ රාජකාරියට අනියුක්ත කිරිමට පොලිස් නිල සුනඛ කොට්ඨාශය බලාපොරොත්තු වේ.

More Stories