පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අද (13) වන විට කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බවත් සමාජය තුළ හදුනා ගත් ප්‍රදේශ කිහිපයක පී.සී.ආර්.පරික්ෂණ 120ක් මේ වන විටත් සිදු කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග නිවාරණ ඒකකය පවසයි.

එහි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පැවසුවේ ඉකුත් මාර්තු මාසයේ සිට දිස්ත්‍රික්කය පුරා  පී.සී.ආර්.පරික්ෂණ 8000ක් සිදු කර ඇති බවයි.වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා මෙසේ ද කීය.

” පොලොන්න්නරුව දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා වෛරසය ආසාධිතයින් වාර් තා වීම සැලකිල්ලට අරගෙන මේ වන විට අපි ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 145 ග්‍රාම නිලධාරි වසම ඇතුළු ප්‍රදේශ කිහිපයකට සීමා පනවලා පී.සී.ආර්.පරික්ෂණ සිදු කරනවා.දැනට මේ දෙවන ‍රැල්ලත් එක්ක අලුතෙන් පී.සී.ආර්.100ක් සිදු කළා.

ඒවායේ ප්‍රතිපල අනුව ආසාධිතයින් වාර් තා වෙන්නෙ නෑ.ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගැමුණුපුරින් වාර් තා වූ කාන්තාව ඇසුරු කළ පිරිස් හා වැලිකන්ද ප්‍රදේශයෙන් හදුනා ගත් කොරෝනා ආසාධිතයින්  දෙදෙනා ඇසුරු කළ පවුල් 100 කට අයත් පුද්ගලයින් 220ක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ සියලු දෙනා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 08 ම නියෝජනය කරනවා.අපි තව දුරටත් පී.සි.ආර්. සිදු කිරීම වේගවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ‍රැදවූවන් හා නිලධාරින් ද සේනපුර පුනරුත්ථාපන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ‍රැදවූවන් හා නිලධාරින්  429කට නව කොරෝනා ආසාධිත ලෙස තහවුරු වී තිබෙනවා.

නමුත් සමාජයට ව්‍යාප්ත වීමේ ස්වභාවය ගැන හරියටම කියන්න පුළුවන් වෙන්නේ තවත් සතියක් දෙකක් ගත වුණාම අපි ඒ නිසා සමාජයට පැතිරීමේ ඉඩ කඩ අහුරන්න පුලුවන් තරම් උත්සාහ ගන්නවා.

ජනතාව ඊට සහය දිය යුතුයි.පොලොන්නරුවෙන් දැනට සමාජ ගත වීම ගැන යමක් කියන්න අමාරුයි.අනුරාධපුරයේ තරම් අවදානම් සහගත තත්වයක් නෑ.”

ඊසා මුදියන්සේ – පොලොන්නරුව

More Stories