පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙතෙක් සමාජයෙන් කොරෝනා රෝගීන් හමු වී නැති බවත් දිවුලපිටිය, මිනුවන්ගොඩ පොකුරෙන් මෙතෙක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආශ්‍රිතයන් පවුල් 5ක් හදුනාගෙන නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා මෙසේ ද පැවසීය.
මේ වන විට අපි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිවුලපිටිය,මිනුවන්ගොඩ පොකුරෙන් ආශ්‍රිතයන් 5ක් හදුනාගෙන තිබෙනවා.ඒ අයගේ නිවෙස් තුළම නිරෝධායනය ආරම්භ කරලා තිබෙනවා.පුද්ගලයින් 41ක් මෙසේ නිවෙස් තුළ නිරෝධායනය වෙනවා.
දිවුලපිටිය,මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් පවුල් 5 තමන්කඩුව,මැදිරිගිරිය දියසෙන්පුර,වැලිකන්ද,අරලගංවිල සිරිපුර,හිගුරක්ගොඩ යන ප්‍රදේශවල මේ පවුල්.ඒ අයගෙ සමීප ආශ්‍රිතයන් 300ක ගෙ පී.සී.ආර්.පරික්ෂණ සිදු කරලා තියෙනවා.ඒ සියල්ලම නෙගටිව්.
තවත් 150ක් පමණ සිදු කළා.එහි ප්‍රතිපල ලැබෙන්න තියෙනවා.අපට දැනට කියන්න පුලුවන් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් කමියුනිටි එකෙන් කොවිඩ් ආසාධිතයන් තාම වාර්තා වෙලා නෑ කියලා.අපි දැනට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමූහ වශයෙන් රැස්වන ආයතන වල අහඹු පී.සී.ආර්.පරික්ෂණ සිදු කරනවා
.හඹා යෑම් විදිහට.ඊට අමතරව හදුනාගත් ස්ථානවල පී.සී.ආර්.පරික්ෂණ සිදු කරනවා.අවදානම තැන් ලෙස හදුනාගත් නගර,වීමෝල්,ගාමන්ට් ෆැක්ට්‍රි,පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සේනපුර,දම්මින්න,කන්දකාඩු,වැලිකන්ද ආදි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පිරිස් ඉන්නවා.දැනට ඒ නිරෝධායන මධ්‍යස්ථාන පිරිලා තියෙන්නේ.අපි මේ නිරෝධායන මධ්‍යස්ථාන අවටත් පී.සී.ආර්.පරික්ෂණ සිදු කරනවා.
එම නිරෝධායන මධ්‍යස්ථානවල පොසිටිව් අය ඉන්න පුළුවන්,සැක සහිත අය ඉන්න පුලුවන්.ඒ නිසා අපි මේ අවදානම කලාපවල දිගින් දිගටම පී.සී.ආර් කරනවා.අවදානමක් තියෙනවා.නමුත් අපි ප්‍රජා සාම්පල් පරික්ෂා කරනවා.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ මට්ටමින් මසකට 750ක් පමණ කරනවා.
හඹා යෑම් කිරීමත් සිදු කරනවා.අපි ට හමුවන සියලු දෙනා ප්‍රතිකාර මධ්යස්ථාන්වලට යොමු කරනවා.රෝහල්වල වාට්ටු වෙන් කරලා තියෙනවා සැක සහිත රෝගින් පරික්ෂා කරන්න.තවත් අපි ජංගම රථයක් යොදවලා තියෙනවා පී.සී.ආර් කරන්න ඒ මගිනුත් අපි පරික්ෂා කිරීම් කරනවා.
මේ පොලොන්නරුවේ සම්බන්ධතා පැවැත්වූ අය දැනට පොසිටිව් වෙලා ඉන්න අය ඉන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල.ආශ්‍රිතයින් ඉන්නේ නිරෝධායනයේ.ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය පවත්වන මධ්‍යස්ථානත් අපි සුපරික්ෂණයට ලක් කරනවා.හැම ළමයෙකුට ම විභාගයට වාඩි වීමට අවස්ථාව ලබා දෙනවා.පොසිටිව් වෙච්ච ළමයෙක් හමු වුණොත් එයාට වෙනම මධ්‍යස්ථානයක් ඇති කරලා විභාගයට පෙනී හිටින්න අවස්ථාව ලබා දෙනවා.
ඒ වගේම සැක සහිත දරුවන් ආවොත් ඒ අයත් විශේෂ මධ්‍යස්ථානයක විභාගය ලියනවා.ඉදිරියේ ඇති විය හැකි අවදානම් තත්ත්වයන් සහදා අපි ඇදන් සියයක් සහිත රෝහලක් හදුනාගෙන තිබෙනවා.දැනට අපේ වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය පිරිලා රෝගින් ඉන්නේ.වෛද්‍යවරු ,හෙද නිලධාරින් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිගය සම්පුර්ණ කළොත් විතරයි අපට පුළුවන් වෙන්නේ තවත් රෝහලක් ආරම්භ කරන්න.
දැනට අපි ඒ ගැන ඉහලට දැනුම් දීලා තියෙනවා.සමාජය විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනවා නම් අපට මෙය පාළනය කරන්න පුළුවන්. ” ඇයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.