පාට වෙනස් කරගෙන, ලකුණ වෙනස් කරගෙන පොහොට්ටුවක් හදාගෙන ආවට එකේ ඉන්නේ එකම කට්ටියයි. ඒ රාජපක්ෂලා රාජපක්ෂලාමයි. ඉතිහාසයේ හිටපු රාජපක්ෂලාම බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය එච්.ඩබ්ලිව්.සිරිල් මහතා පවසයි.

“අද ඡන්දයට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වෙලා සිටිනවා. ඒක ඇත්තටම පක්ෂයක් නෙමේ. පවුලක්. පක්ෂයක් වුණා නම් රටේ සියලු දෙනාම නියෝජනය වෙන ආකාරයේ නියෝජනයක් තියෙන්න ඕනේ. ඒත් පොහොට්ටුව දිහා බැලුවහම එහෙම නැහැ. එදත් එහෙමයි ඒක අදත් එහෙමයි. හම්බන්තොට ඡන්ද ව්‍යාපාරය දිහා බැලුවහම ඩී.එම්. රාජපක්ෂ, ඩී.ඒ .රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සිට දැන් අලුත් පරම්පරාවෙන් නාමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂ මේ ඔක්කෝම එකම පවුලක්. එතකොට රටේ බලය දෙන්න ඕනේ අපි එක පවුලකටද? අපි මේ පවුලට මීට කලින් ඡන්දය දිලා තියෙනවා. මේ අවස්ථාවේදි අර ලිහලා බැලු මල්ල යළි ඔබලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ පවුලට ඡන්දය දිලා පහුගිය ඡන්දෙන් පස්සේ කොයි ආකාරයෙන් හැසිරුණාද? කොයි ආකාරයෙන් වැඩ කළාද කියලා මහජනතාව දන්නවා.

දැන් මේ ගොල්ලෝ පාට වෙනස් කරගෙන, ලකුණ වෙනස් කරගෙන පොහොට්ටුවක් හදාගෙන ආවට ඉන්නේ එකම කට්ටියයි.රාජපක්ෂලා රාජපක්ෂලාමයි. ඉතිහාසයේ හිටපු රාජපක්ෂලාමයි. මහින්දලා, චමල්ලා ටිකක් වයසට ගියා විතරයි. එහෙම නැතුව බුද්ධිය පහළ වෙලා නැහැ. මොකද? එයාලා කරන ක්‍රියාවලීන් ,කථා වලින් එදාටත් වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධී සාමාන්‍ය ජනතාවගේ විරෝධි වැඩ කටයුතු කරන්න තමයි ලෑස්ති වෙන්නේ කියලා පේනවා. අපිට ගෝත්‍රවාදි දේශපාලනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක පුද්ගලිකව කරන අපහාසයක්වත්, පුද්ගලයින්ට කරන මඩ පහරක්වත් නෙමෙයි. ඒ කට්ටටිය එදා ඉඳලම බුද්ධිමත් ජනතාවට දැක් වු සැලකිල්ල 2015 දක්වා තිබු රජයන් වලින් හොඳට පෙනුනා.

අදත් මැතිවරණ ව්‍යාපාර දිහා බැලුවහම අනිත් අයට තියෙන තැන මොකද්ද? කියලා පැහැදිලියි. එයාලගේ මතවාදයට විරුද්ධව කවුරු හරි කෑ ගැහුවොත් එයාලව කට වහලා පැත්තකට දානවා. ඔවුන් සිංහල-බෞද්ධ ඡන්ද පදනමින් කථා කරලා අනිත් ජාතීන්ට තියෙන වෛරය, ක්‍රෝධය පතුරනවා. මේ පවුල් වාදයට තිත තියන්න අපි ඔක්කොම එකතු වෙලා රටට වැඩදායි පුද්ගලයෙක් පත් කර ගත යුතුයි.”

සම්පුර්ණ වීඩියෝව පහතින්….

More Stories