wesak

උතුම් තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙමින් නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් කි‍්‍රයාකරන ලෙසයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙන්නේ.

බුදු දහමේ උගන්වන ප‍්‍රතිපදාවන් අනුගමනය කරමින් නීරෝගී සුවය සහ අධ්‍යාත්මික සහනය අත්කර ගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළා.

පවතින තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැත්වීමට මහා සංඝ රත්නයේ මඟපෙන්වීම සහ ආශිර්වාදය ලැබී තිබෙනවා.

බුදුන්වහන්සේ කෙරෙහි උපන් ශ‍්‍රද්ධාවෙන් යුතුව නිවසේ සිටම ආගමික වතාවත්වල නිරත වන ලෙසයි වෙසක් පොහෝ දින පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ.

More Stories