අභාවප්‍රාප්ත වූ එලිසබෙත් රැජින ගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වනදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදුකිරීම ට තීරණය කර තිබේ.
මේ බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙන බව වාර්තා වේ.
ඊට පෙර දින 4ක් දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබීමට නියමිතය.
දේහය ලන්ඩනයට රැගෙනයාමට පෙර ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝ වෙත රැගෙනයාමට නියමිත බවද වාර්තා වේ.
එහිදී රැජිනට ගෞරව දැක්වීමට රාජකීයන්ට අවස්ථාව හිමිවනු ඇති.
මේ වනවිටත් දහස් සංඛ්‍යාත බ්‍රිතාන්‍ය වැසියන් ලන්ඩන්හි බකිංහැම් මාලිගය ඉදිරිපිටට රැස්ව සිටින්නේ 70 වසරක් එරට පාලනය හෙබවූ දෙවන එලිසබෙත් රැජිනට ගෞරව දැක්වීම සඳහාය.