ජනතාව අතර ප්‍රසිද්ධ අමතර ආහාරයක් බවට පත්වි තිබෙන බඩඉරිගු කරලටත් අධි විෂ සහිත රසායනයක් මුසුකිරිමට ඇතැම් ගොවියන් කටයුතු කරනා බව අමතර බෝග වගාවේ නිරතවන ගොවින් පිරිසක් අනාවරණය කලහ.

අමතර ආහාරයක් ලෙස විශාල ඉල්ලුමක් පවතිනා බඩඉරිගු කරලට පසුගිය සමයපුරා අධි විෂ සහිත රසායනයක් මුසු කිරිමෙන් එය ආහාරයට ගන්නන්ගේ ශරිරයට අධිවිෂ ඇතුළුවිම වලක්වාලීමට නොහැකි බව ඔවුන් කීහ.

මහපරිමානයෙන් අමතර බෝගයක් වශයෙන් බඩඉරිගු වගාවේ නිරතවන පිරිස් බඩ ඉරිගු කරලේ සාරය උරාබොන කොඩැයියන් මර්ධනය කිරිම සදහා අධි විෂ රසායනය ගල්වන බවත් එසේ නොකලහොත් බඩ ඉරිගු කරලේ වර්ධනය බාලවන බවට ඇතැමුන් විශ්වාස කරන බවත් ඔවුන් කීහ.

ජනතාවට වස විස කැවීමට පුරුදුවි සිටිනා බොහෝ ගොවින් සිය වගාවන්වලට බෝවන කුහුඹුවා විනාශ කිරිමටත් අධිසැර විෂ රසායන ද්‍රව්‍ය යොදනා බවත් මින් සිදුවන විපත කියා නිමකල නොහැකි බව ඔවුන් කීහ.මේ පිළිබදව අනාවරණය කල ගොවින් පිරිසක් මෙසේ පැවසුහ.මේවනවිට සෑම බෝගයකටම විෂ රසායන යෙදිම සිදුකරනවා.වසර කිහිපයක සිට ඇතැම් ගොවින් බඩ ඉරිගු ගසේ හටගන්නා කරලේ යුෂ උරාබොන කොඩැයි කුහුඹුවන් මර්ධනයට අධි විෂ රසායනයක් යොදා ගන්නවා.

එම රසායනය කරල ආසන්නයට දමනවා.එතකොට කොඩැයියන් එන්නේ නෑ.නමුත් විෂ බඩ ඉරිගු කරලටම ඇදගන්නවා.සත්ව ආහාරයක් හැටියට නිෂ්පාදය වන බඩඉරිගු හුග දෙනෙකුගේ ජනප්‍රිය ආහාරයක් බවට පත්වෙලා තියනවා.

තබ්බලා පුච්චලා කන සමහරු හිතන්නේ ඉතා ආරක්ෂාකාරි ආහාරයක් කියලා.නමුත් ශරිරයට ඉතා අහිතකර මාරන්තික විෂ රසායනයක් ඊට මුසුවන බව ඇතැමුන් දන්නේනෑ.අපිත් මේවගාවේ නිරතවුනාට විෂ වර් ග යොදන්නේ නෑ.

ග්ලයිෆෝසේට් වගේම මේ රසායනයත් මනුස්සයන්ගේ වකුගඩු වලට හානි සිදුකරනවා.බඩ ඉරිගු වලට අමතර කිලෝ පේර වගාවේ නිරත ගොවින් මේ රසායනය පේර ගෙඩිය ආසන්නයටම දමනවා කොඩැයි කුහුඹුවන්ගෙන් පලදාව බේර ගන්න.

මේ පිළිබදව පළිබෝධ නාශක සම්බන්ධයෙන් ක්‍රියාකරන නිලධාරින් දැනුම්වත් වෙන්න ඕන.රටේ ජනතාවට වස කැවීම නතර කරන්න ඕන යනුවෙන් ඔවුන් පැවසුහ.

More Stories