gas

පසුගිය දිනවල භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සැලකීමේදී ඒ බොහෝ අවස්ථාවල ඊට හේතුව වූයේ සැපයුම් ප්‍රශ්න බවත් රට තුළ මුදල් අච්චු ගැසීම ඊට හේතුවක් නොවන බවත් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.

“ඔබ ශ්‍රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවියට ගියොත් බලාගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කොපමණ මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා තියෙනවද කියලා.

මොකද අපට ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යෑම වැදගත්.

අපට අවශ්‍ය නැහැ උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යන තත්වයක් දකින්නට. අපි ඒක ගැන අවධානයෙන් හිඳිමින් එය කළමනාකරණය කරමින් ඉන්නේ

දැන් තෙල් මිල වැඩිවෙලා තියෙන්නෙ ලංකාවේ මුදල් අච්චු ගැසීම හින්දා නෙවෙයි. ගෑස් මිල වැඩිවෙලා තියෙන්නෙ ලංකාවේ මුදල් අච්චු ගැසීම හින්දා නෙවෙයි. දැනට වැඩිවෙලා තියෙන බොහෝ දේවල්වලට මූලික හේතුව සැපයුම් බලපෑම්.

රුපියලේ අගය වෙනසක් වීම නිසා එතන යම් කොටසක් තියෙනවා. පිටරටවලින් සිදුවෙන දේවල් හින්දා තමයි ඒක සිදුවෙලා තියෙන්නෙ”

 

Similar Posts