colombo to kandy train රැකියා සඳහා අවස්ථා 2023,,රැකියා සඳහා අවස්ථා ශ්‍රී ලංකා,,රැකියා සඳහා අවස්ථා කොළඹ,,රැකියා සඳහා අවස්ථා ගම්පහ,,රැකියා සඳහා අවස්ථා ශ්‍රී ලංකා 2023

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු භාන්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථාන අසලදී ඊයේ (16) දහවල් පීලි පැනීමකට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය කියයි.

දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ අනෙකුත් දුම්රිය ධාවනයට බාධා සිදු නොවු බවත්, පීලි පැනීමට ලක් වු දුම්රිය පමණක් ප්‍රමාද වී ධාවනය කරවීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවැසීය.

More Stories