බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණීගබී දිසානායක මහතා පැවැසීය.

යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500 ක් බව ද ඔහු සඳහන් කළේය.

සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බව කී කොමසාරිස්වරයා බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද සදහන් කළේය. ඉන් 900 ක් බඳවා ගැනීමට අවසර ලැබී ඇති බව ද ඔහු කීය.

Similar Posts