Mahara prison

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 39 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට 03 දින සිදුකළ ඇන්ටින් පරීක්ෂණ වලින් පසුව  හදුනාගෙන ඇතැයි  බන්ධනාගාර නිළධාරියෙකු පැවසීය.

අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 56 දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් පසුව මෙම ආසාධිතයින් හදුනාගෙන තිබේ.පසු ගිය 02 වැනි දින අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යල විසින් සිරකරුවන් 26 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කොට තිබූ අතර ඉන් 18 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට හඳුනාගෙන තිබුණි.

බන්ධනාගාර තොරතුරු වලින් පැවසෙන්නේ බන්ධනාගාරයේ ඇති සිරකරු වාට්ටු 05ක අසාධිතයින් හදුනාගෙන ඇති බවයි.බන්ධනාගාර ගතව සිටින රන්ජන් රාමණායක රැදී සිටින  සිර මැදිරිය මේ වන විට සුරක්ෂිතව ඇති බවද එම තොරතුරු වලින් පැවසේ

කොවිඩ් ආසාධිත රැදවියන්  ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සදහා වැළිකඩ බන්ධනාගාරයට යොමු කොට තිබේ.කොවිඩ් ආසාධිතයින් හඳුනාගැනීම සදහා අද දිනයේද රැදවියන් පිරිසකට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් බන්ධනාගාර ප්‍රකාශකයා පැවසීය.

චන්ද්‍රසේන ගමගේ

More Stories