death

ලිදුල පොලිස් බල ප්‍රදේශයේ බබර කැලේ වතුයායේ 17වන දින සිදුවු බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මිය ගොස් ඇති බව ලිදුල පොලිසිාය් නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 17වන දින බබර කැලේ වතුයායේ සේවය කරමින් සිටියදි ඒ අසල ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බඹරුන් විසින් සිදු කරන ලද පහාර දිමක් හේතුවේ එම වතුයායේ අවුරුදු 65ක් වයැසැති කාලිමුත්තු මාරියායි යන කාන්තාව මිය ගොස් ඇති බවත්ය.

එසේ මිය ගිය අයගේ මල සිරුර මේ වන විට ලිදුල රෝහලේ තැන්පත් කර ඇති බවත් එම මරණය පිලිබදව පශ්චාත් මරන පරික්ෂණය පැවත්විමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts