හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා අලුයම 05 දක්වා බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා පැවසීය.

මේ අතර දැනට ඇඳිරි නීතිය පනවා තිබෙන ඇතැම් ප්‍රදේශවල එය ඉවත් කිරීමේ හැකියාවක් පවතින්නේ යැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඇදිරි නීතිය පනවා ඇති ඇතැම් ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා නොවීම හේතුවෙන් මෙම තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින බවද හමුදාපතිවරයා කියා සිටියා.

ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි ඔහු පැවසුවේ.

සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා නොතිබුණත් අත්‍යවශ්‍යම කරුණකට හැරුණු විට දිස්ත්‍රික් සීමාවන් හරහා යාමෙන් වලකින ලෙසද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

More Stories