bus-inside

සෞඛ්‍ය උපදෙස් හා සෞඛ්‍ය නිති රිතිවලට පිටින් සමහර බස් රථවල අධික ලෙස මගීන් රැගෙන යාමත් සමග  බොහෝ ප්‍රදේශවල කොවිඩ් අවදානම නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත.

දිපවාලි උත්සවයද මේ මස 04වන දිනට යෙදි ඇති අතර එම උත්සව සමය හේතුවෙන් මෙම දිනවල හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, තලවාකැලේ, සාංචිම‍ලේ, ෆෝඩයිස්, ඩයගම, සාමිමලේ, ඇන්පිල්ඩ්, යන ප්‍රදේශවලට ධාවනය වන හා එම ප්‍රදේශවල සිට හැටන් දක්වා ධාවනය වන සමහර බස් රථවල අධික ලෙස මගින් රැගෙන යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ ඉහත සදහන් මාර්ගවල ධාවනය වන සමහර බස් රථවල පොල් පටවන්නාසේ අධික ලෙස මගින් රැගෙන යන බවත් මෙම තත්වයන් මත කොවිඩ් නැවත පැතිර යාමේ අවදානමක් පවතින බවත්ය.

බස් රථවල ආසන ගනනට පමනක් මගින් රැගෙන යන ලෙසට දන්වා එය නිතියක් බවටද පත් කර ඇතත් මෙම ප්‍රදේශයේ එම සෞඛ්‍ය නිතිවලට පිටු පාමින් සමහර බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් කටයුතු කලද ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක විමක් මෙම ප්‍රදේශ තුල ක්‍රියාත්මක නොවන බවද එම පිරිස් පවසති.

එමෙන්ම සමහර බස් රථ රියදුරන් මෙන්ම සමහර කොන්දොස්තරවරුන්ද මුඛ ආවරන නොමැතිවද කටයුතු කරන බවත් මෙම තත්වයන් මත යම් හෙයකින් මෙම ප්‍රදේශ තුල නැවත කොවිඩ් වසංගතය ඉස්මතු වුවහොත් මෙම බස් රථවලට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොකරන නිලධාරින් වගකිවයුතු බවද එම පිරිස් තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories