රජය මගින් බස් ගාස්තු අඩු කිරිමේ වාසිය බස් මගින්ට නිසි ලෙස නොලැබෙන බවත් එහි වාසිය බස් කොන්දොස්තරවරුන්ට ලබාදි ඇති අමතර වාසියක් බව බස් මගින් චෝදනා කරති.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බොහෝ බස් මගින් පවසනුයේ රජය මගින් බස් ගාස්තු අඩු කලද මාරු කාසි නොමැති බව පවසමින් සමහර කොන්දොස්තරවරුන් තමන්ට නිසි ලෙස ඉතුරු මුදල් නොදෙන බවත්ය.
සමහර කොන්දොස්තරවරුන් රුපියල් දෙක තුන පමනක් නොව රුපියල් පහ දහයද මාරු කාසි නොමැති බව පවසමින් ඉතුරු මුදල් තමන්ට ලබා නොදෙන බවත් නිසි ලෙස ඉතුරු මුදල් ඉල්ලු විට සමහර කොන්දොස්තරවරුන් තමන්ට බැන වදින බවද එම බස් මගින් වැඩි දුරටත් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන බස් කොන්දොස්තරවරුන් කිප දෙනකුම පවසන ලද්දේ රුපියල දෙක වැනි මාරු කාසි නිසි ලෙස සොයා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වයන් මත නිසි ලෙස බස් මගින්ට මාරු කාසි බොහෝ අවස්ථාවලදි නිසි ලෙස ලබා දිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.
එවන් තත්වයන් මත මෙවර බස් ගාස්තු අඩුකර ඇති ක්‍රමය මත බස් මගින් හා තමන්ට විවිධ ආරවුල්වලට මැදි විමට සිදුව ඇති බවද එම බස් කොන්දොස්තරවරුවන් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories