ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කිසිසේත් මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කළ නොහැකි බව කී සභාපතිවරයා ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා දිය යුතු බවත් නොඑසේ නම් ධාවනයේ නොයෙදෙන බවත් කියා සිටියේය.

කෙසේ නමුත් පාඩු පිට කිසිසේත්ම බස් රථ ධාවනය නොකරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

More Stories