dailyreporter

මහනුවර සිට ලක්ෂපාන හරහා හැටන් දක්වා ධාවනය වෙමින් තිබු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මාර්ගය අයිනේ කාණුවකට වැටිමෙන් අනතුරකට පත්ව ඇත.
හැටන් කොළඹ මහනුවර මාර්ගයේ දියගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගය මුලුමනින්ම අවහිර විමත් සමග මහනුවර සිට හැටන් ධාක්වා ධානවයවු මෙම බස් රථය ලක්ෂපාන හරහා හැටන් දෙසට ධාවනය කරවිමේදි මෙසේ අනතුරට ලක්ව ඇති බව නොර්ටන් බ්‍රිජ් පොලිසියේ නිලධාරියකු පැවසිය.
මෙම මාර්ගයේ ධාවනයවු තවත් රථයකට ඉඩ දිමට යාමෙදි මෙම බස් රථය මෙසේ කාණුවකට වැටි ඇති බවත් මෙම අනතුරින් කිසිවකුටත් තුවාල සිදුව නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories