හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු මිය ගොස් විසි අට දෙනකු දෙනකු තුවාල ලබා ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්රික් මුලික රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ 21වන දින සිදුවු බස් රථ අනතුරින් තුවාල ලැබු තිස් දෙනකු පමන රෝහල් ගත කල බවත් ඉන් තිදෙනකු මිය ගිය බවත්ය.
මිය ගිය අය අතර පිරිමි පුද්ගලයකු කාන්තාවක් හා ලමයකු වන අතර තුවාලකරුවන් අතර බරපතල තත්වයේ පසුවන තවත් තුවාලකරුවන් කිප දෙනකුම සිටින බවත් එම තුවාලකරුවන් වැඩි දුර ප්රථිකාර සදහා නාවලපිටිය මුලීක රෝහල වෙත යැවිමට පියවර ගන්නා බවත්ය.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම බස් රථය හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදි හැටන් මල්ලිඅප්පුව ප්රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවත්ය.
මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනිමට නොහැකිව පවතින බවත් මෙම අනතුර පිලිබදව හැටන් පොලිසිය වැඩි දුර පරික්ෂන මෙහෙයවන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
හැටන් මනුර සුදත් සෙල්ලහේවා