හැටන් සිට විවිධ ප්‍රදේශයන් දක්වා ගමන් කරන සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග එම බස් රථවල ගමන් ගන්නා බස් මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසනුයේ සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙසේ මෙකි සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිම හේතුවෙන් තමන්ගේ කන්වලට විවිධ අබාද ඇතිවිමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ රෝගවලට ගොදුරු විමේ අවදානමක් පවතින බවද එම පිරිස් පවසති.
වීශේෂයෙන් හැටන් සිට වතු මාර්ගවල ධාවනය කරනු බොහෝ බස් රථවල මෙම තත්වයන් අධික ලෙස පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts