gossip news sri lanka

බස් රථ ගාල් තුල පොස්ටර් ඇලවිම බුලත් කෙල ගැසිම දුම් පානය කිරිම මුලු මනින්ම තහනම් කිරිමට පියවර ගන්නා බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පැවසිය.

ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ මෙම බස් නැවතුම් පල මගි ආවරණ සුද්ධ පවිත්‍ර කර තින්ත ආලේප කිරිමට පියවර ගන්නා බවත් එසේ කිරිමෙන් අනතුරුව මෙහි විවිධ පොස්ටර් ඇලවිම, බුලත් කෙල ගැසිම, දුම් පානය කිරිම මුලුමනින්ම තහනම් කිරිමට පියවර ගන්නා බවත්ය.

එම තත්වයන් මත මෙම බස් රථ නැවතුම්පල භුමිය පිරිසිදුව හා අලංකාරවත් ලෙස පවත්වා ගෙන යාම සදහා සියලුම දෙනාගේ සහය අපේක්ෂා කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories