බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම් වැඩිවීම හමුවේ අවන්හල් වෙතට මත්පැන් පානයට රැඳෙන පිරිස් අඩුවීමෙන් ආදායම අඩු වී ඇති බවට වයඹ අවන්හල් හිමියෝ චෝදනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අඩු වී තිබූ ආදායම මෙම වැටලීම් හමුවේ තවදුරටත් අඩු වී ඇති බවයි.

මෙසේ බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු පහරක් බව‍යි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රකාශ කර සිටියේ වයඹ පළාතේ බීමත් රියදුරන් නිසා සිදුවන අනතුරු මේ වන විට අවම වී ඇති බවයි.

අවන්හල් හිමියන්ට හා බලවතුන්ට ඕනෑ විදිහට නීතිය නවන්නට කිසිවෙකුටත් ඉඩ නොතියන බවයි නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

More Stories