බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ මේ දිනවල රාත්‍රී කාලයේ දී කොටියන් කිහිප දෙනෙකු රැඳී සිටින බවට වාර්තා වනවා.

වැඩි වශයෙන් පස්වරු කාලයේදී සහ රාත්‍රී කාලයේදී මෙම කොටියන් මාර්ගය ආසන්නයේ රැඳී සිටින බව සඳහන්.

මේ නිසා විශේෂයෙන්ම යතුරු පැදිවල ගමන් ගන්නා ජනතාව අවධානයෙන් සිටීම වැදගත් බවයි වාර්තා වන්නේ.

රංචු වශයෙන් සහ තනි තනියම මෙම කොටියන් කිහිපදෙනා රැඳී සිටින අතර මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය නිසා ජලය සොයා මෙම සතුන් මෙලෙස පැමිණෙන බව වනජීවී නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

Similar Posts