බුලත්සිංහල ,ගලහේන ප්‍රදේශයේ දි මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටියදි අත් අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත්  කළ කාන්තාවන් පස් දෙනෙකුට සහ පිරිමි අයෙකුට එක් අයෙකුට රුපියල්  ලක්ෂය බැගින්වූ ශරිර ඇප මත මුදාහරින ලෙස මතුගම මහේස්ත්‍රාත් ධම්මික උඩුව විදාන මහතා පසුගිය දා නියෝග ක⁣ළේය.

බුලත්සිංහල , ගලහේන ප්‍රදේශයේ  කාන්තාවන් මුදල් ඔටිටුවට බූරු ගසන බවට පොලීසියට ලද තොරතුරක් අනුව  සිදුකළ වැටලිමෙිදි කාන්තාවන් පස් දෙනෙකු හා පිරිමි අයෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.

ස්වාමිපුරුෂයින් විවිධ රැකියා වලට ගිය පසු ස්වයං රැකියාවක් ලෙස දිගු කලක පටන් ඉතා රහසිගතව මෙම ප්‍රදේශයේ  ඇතැම් කාන්තාවන් මෙම බූරු ගැසිම සිදු කරන බව ප්‍රදේශවාසාන් කියති.මෙි දිනවල කොරොි්නා ඇඳිරිනීතිය හේතුවෙන්   ආරක්ෂක අංශ වලට කාර්ය බහුල නිසා බියකින් තොරවම බූරු ගසා තිබේ.

බුලත්සිංහල  පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතාට ලද තොරතුරකට  අනුව උප පොලිස් පරීක්ෂක  ඒකනායක  මහතා ඇතුළු නිළධාරින් පිරිසක්  වැටලිම සිදුකර බූරු ගසමින් සිටි කතුන් අත් අඩංගුවට ගෙන  ඇත.

සෝමරත්න පොද්දෙණිය  – මීගහතැන්න

Similar Posts