corona-vi

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි නිර්දේශයන් ලබාගැනීමට බෝවන රෝග පිළිබඳව උපදේශන කාරක සභාව අද (08) හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

“අද දින අපේ තියෙනවා බෝවන රෝග පිළිබඳ උපදේශක කාරක සභාව. මෙහිදී මේ පවතින තත්ත්වය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් වගේම මේ සම්බන්ධයෙන් කටයුතු කරන අනෙකුත් ආයතන කොහොම ද කරන්නේ, ලෝකයේ රටවල් ගන්නා වු ක්‍රියාමාර්ග මොනවා ද?

ඒවා සමාලෝචනය කරලා අපේ රටට ගැළපෙන වඩාත්ම උචිත ක්‍රියාමාර්ග මොනවා ද කියලා ඒ ආයතනවලින් නිර්දේශ කරවි. ඒ උපදෙස් අනුව තමයි හදිසි කාරක සභාවක් අද දින කැඳවලා තියෙනවා. සමහර විට අපි එතනදි දෙන නිර්දේශ අනුව ඉදිරියේ දී ඒ අවශ්‍ය පියවරවල වෙනසක් කරන්න අවශ්‍ය වුණොත් එය කරාවි. ”

ප්‍රශ්නය – මේ අවස්ථාවේ හමුවන ආසාදිතයින්ට මොන ආකාරයෙන් ද ප්‍රතිකාර කරන්නේ ?

“රෝහල් තුළ කිසිම ගැටලුවක් නෑ මේ වෙනකොට ඉඩකඩ තියෙනවා. අවශ්‍ය කරන පහසුකම් තියෙනවා. ඒ නිසාම රෝහල්ගත කිරීමට අවශ්‍ය නම්. රෝග ලක්ෂණ නොමැති පුද්ගලයෙක් වුවත් ඒ අයගේ වයස හා අනෙක් කාරණා පිළිබඳ සලකා බලා රෝහල් ගතවීමට කිසිම බලපෑමක් නෑ.”

මේ අතර ඊයේ දිනයේ දී කොවිඩ් -19 ආසාදිතයින් 748 දෙනෙකු හඳුනා ගැණුනි.

More Stories