ගැස් මිල ඉහල යාමත් සමග භුමිතෙල් හා භුමිතෙල් ලිප් සදහා ඉල්ලුම වැඩි වෙමින් පවතින බව හැටන් හා ආශ්රිත ප්රදේශවල භුමිතෙල් හා භුමිතෙල් ලිප් අලෙවි කරනු ලබන වෙලදුන් පවසති.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම වෙලදුන් පවසනුයේ ගැස් මිල අධික ලෙස ඉහල යාමත් සමග මෙම ප්රදේශයේ බොහෝ පිරිසක් නැවත භුමි තෙල් බාවිතය සදහා යොමු විමට පියවර ගෙන ඇති බවත්ය.
එම තත්වයන් මත මේ වන විට බුමි තෙල් ලිප් මෙන්ම භුමි තෙල් සදහා ඉල්ලුම වැඩි වෙමින් පවතින බවද එම පිරිස් තව දුරටත් පවසති.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්රදේශයේ බොහෝ දෙනකුද පවසන ලද්දේ මේ වන විට ගැස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එයට විකල්පයක් ලෙස භුමි තෙල් බාවිතා කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්