Mangala-Samaraweera

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

‘කොවිඩ්’ ආසාදනය වීමෙන් සතියකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.

1956 වසරේ අප්‍රේල් මස 21 වැනිදා උපත ලැබූ මංගල පින්සිරි සමරවීර මහතා විදේශ කටයුතු සහ මුදල් යන වඩාත් භාරධූර අමත්‍යංශ ඇතුළු අමාත්‍ය ධූර රැසක් හෙඹවූ ප්‍රබල දේශපාලන චරිතයකි.

Similar Posts