විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනාට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නිපුන දෙහිගම මහතා පවසන ලද්දේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය මේ මස 26වන දින සිට ආරම්භ වන බවත් මෙම ශ්‍රිපාද වන්දනා සමය තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනා අත් අඩංගුවට ගැනිම සදහා වීශේෂ සෝදිසි මෙහෙයුම් දිවා රාත්‍රියේදි සිදු කිරිමට පියවර ගන්නා බවත්ය.

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්නා කිරිමට පැමිනෙන මෙම පිරිස් අත් අඩංගුවට ගැනිම සදහා නල්ලතන්නියට පැමිනෙන සියළුම මාර්ග ආවරණය වන අයුරින් ක්ෂනික මාර්ග බාධක යොදවා වන්දනාකරුවන් පැමිනෙන රථ වාහන පරික්ෂාවට ලක් කිරිමට පියවර ගන්නා ලෙස හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙළිය, නල්ලතන්නිය, නොර්ටන් බ්‍රීජ්, වටවල, ගිනිගත්හේන, පොල්පිටිය යන පොලිස් ස්ථානවලට අවශ්‍ය උපදෙස් ලබාදි ඇති බවද ඔහු පැවසිය.

ශ්‍රිපාද වන්දනාව යනු උතුම් වන්දනාවක් මිස විනෝද ගමනක් නොවන බවත් එබැවින් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන විට මතින් තොරව වන්දනාවට උචිත අයුරින් පැමිනිය යුතු බවත් විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනාට සිදුවනුයේ ශ්‍රිපාදය වන්දනා කිරිම පසෙක දමා පොලිස් ස්ථානවල හා අධිකරණයේ කාලය ගත කිරිම බවද නිපුන දෙහිගම මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories