විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 13 දෙනකු හැටන් හා වටවල පොලිසි මගින් අත් අඩංගුවට ගෙන ඇත
හැටන් දුම්රිය ස්ථානයේදි හැටන් පොලිසියේ නිලධාරින් විසින් කරන ලද සෝදියකදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි තරුණයන් පස් දෙනකු අත් අඩංගුවට ගත් බවත් මෙම පිරිස ගම්පහා, යක්කල, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 25ත් අතර පිරිසක් බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසිය.
ශ්‍රිපාද වන්දනාකරුවන් රැගෙන පැමිනෙන රථ වාහන වටවල ප්‍රදේශයේදි කරන ලද පරික්ෂාවකදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් අට දෙනකු අත් අඩංගුවට ගත් බව වටවල පොලිසියේ නිලධාරියකු පැවසිය.
මෙම පිරිස කුරුණැගල, මාතලේ, නිට්ටම්බුව යන ප්‍රදේශවල සිට පැමිනි අවුරුදු 21ත් 25ත් අතර තරුණ පිරිස බවද එම නිලධාරියා පැවසිය.
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද එම පිරිස හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම පොලිස් නිලධාරින් වැඩි දුරටත් පවසන ලදි.
මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග එම වන්දනාකරුවන් පැමිනි රථ වාහන වලින් නල්ලතන්නිය රථ ගාල් පිරි ගිය බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්. වීරසේකර මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ පසුගිය දෙදින තුලදිද ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත්ය.
මේ අතර වැඩි වශයෙන් වන්දනාකරුවන් පැමිනිමත් සමග එම වන්දනාකරුවන් රැගෙන පැමිනි රථ වාහනවලින් නල්ලතන්නිය රථ ගාල් තුනම පිරි ගිය බවත් එම තත්වයන් මත එම වන්දනාකරුවන් රැගෙන පැමිනි තවත් රථ වාහන රාශියක් නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ ක්‍රිලෝ මිටර් දෙකකට ආසන්න ප්‍රදේශයක මාර්ග අයිනේ නතර කර තැබිමට පියවර ගත් බවත්ය.
ශ්‍රිපාදය වැද පුදා ගැනිම සදහා පැමිනෙන සියළුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත් ඒ සදහා නිල ඇදුමින් මෙන්ම සිවිල් ඇදුමින්ද සැරසුන නිලධාරින් යොදවා ඇති බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්