ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවු දින සිට පසු ගිය 31වන දින වන විට විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි පුද්ගලයන් පනස් දෙනකුට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි ප්‍රසාද් වීරසේකර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීඑසේකර මහතා පවසන ලද්දේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය දෙසැම්බර් මස 14වන දින ආරම්භවු බවත් එදින සිට දෙසැම්බර් මස 31වන දින දක්වා හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථානවල නිලධාරින් විසින් ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන පිරිස් පරික්ෂාවට ලක් කිරිමේදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් පනස් අට දෙනකු  අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.

මෙසේ අත් අඩංගුවට ගන්නා ලද පිරිස අතරින් වැඩි පිරිසක් අවුරුදු 25ත් 30ත් අතර තරුණ අය බවත් මෙවැනි තරුණ පිරිස් මත් ද්‍රව්‍ය භාවිතයට ලක් විම කනගාටුවට කරුනක් බවත් කෙසේ වුවද මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සියළුම දෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එම පිරිස් දඩ මුදල් ගෙවා ඇති බවද ඔහු පැවසිය.

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන හා මත් ද්‍රව්‍ය බාවිතා කර ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියළුම දෙනා අත් අඩංගුවට ගැනිම සදහා නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් සිදු කිරිම් කරන බවත් මෙම සෝදිසි මෙහෙයුම් සදහා පොලිස් නිල සුනඛයන්ගේ සහායද ලබා ගන්නා බව  ප්‍රදිප් වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.

More Stories