sripadaya

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවි මසක පමණ කාලයක් තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ලයන් 150 දෙනකු පමන අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ පසු උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භවු බවත් එම උදුවප් පුන් පොහෝ දිනයේ සිට දුරුතු පුන් පොහෝ දිනය දක්වා කරන ලද වැටලිම්වලින් විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගයන් 150 දෙනකු පමන මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.

මෙසේ මත් ද්‍රව්‍ය රැගෙය ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින අත් අඩංගුවට ගෙන ඇති පිරිසෙන් වැඩිම පිරිසක් හැටන් මුලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පොලිස් නිල සුනඛ ස්ටවුඩ් සහාභාගි කරවාගෙන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ආශ්‍රිත ප්‍රදේශවල හදිසි මාර්ග බාධක යොදා කරන පරික්ෂාවලදි බවත් සෙසු පිරිස ගිනිගත්හේන, පොල්පිටිය, නොර්ටන් බ්‍රිජ්, නල්ලතන්නිය පොලිස් ස්ථාන මගින් අත් අඩංගුවට ගෙන ඇති බවද පවසන ලදි.

එමෙන්ම මෙසේ අත් අඩංගුවට ගෙන ඇති පිරිසෙන් වැඩි පිරිසක් අවුරුදු 20ත් 35ත් අතර වයස්වල තරුණ පිරිස බවත් අනාගතයේ රට බාර ගැනිමට සිටින  මෙවැනි තරුණ පිරිස මෙසේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වැනි පුජනිය ස්ථානයක් වැද පුදා ගැනිමට පැමිනිම කනගාටුවට කරුනක් බවද ඔහු පවසන ලදි.

ඉදිරියේදිද විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනා අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් දියත් කරන බවත් එබැවින් මතින් තොරව ශ්‍රිපාද වන්දනා කිරිමට පැමිනෙන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද විජිතද අල්විස් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts