මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශ වලට මේ දින වල සවස් කාලයේ දැඩි වර්ෂාවක් පැවතිමත් සමග මෙම ප්‍රදේශයන්ට මෙතෙක් පැවති දැඩි වියළි කාලගුණික තත්වයන් නිමා විමේ පෙර නිමිති පහලවි ඇත.

මෙම ප්‍රදේශයන්ට මාස තුනක පමන කාලයක් පුරාවට පැවති දැඩි වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් මධ්‍යම කදුකරයේ ජලවිදුලිය නිපදවිම සදහා ජලය සපයන ප්‍රධාන ජලාශ දෙක වන කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍ර ලෙස පහල බැස ඇත.

එමෙන්ම මෙම ප්‍රදේශයන්තුල පැවති වියළි කාලගුණික තත්වයන් මත හැටන් දික්ඔය ප්‍රදේශයන්ට පානිය ජලය සපයන හැටන් සිංගිමලේ හා දික්ඔයඔටරි ජලාශවල ජල මට්ටම් පහල බැසිමත් සමග මෙම ප්‍රදේශයේ ජල සැපයුමද දින දෙකකට වරක් සිමා කිරිමටද ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගන්නා ලදි.

එවන් තත්වයන් මත ඉදිරි දිනවලද මෙම ප්‍රදේශයන්ට මෙසේ සවස් කාලයේ හෝ වැසි පතිත වුවහෝත් ජල බේදා හැරිම දිනපතා සිදු කල හැකි බවදජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories