මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල මෙම දිනවල රාත්‍රි හා උදැසන කාලයන් තුලදි පවතින ඝන මීදුම් තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්වල මෙම දිනවල රාත්‍රි කාලයේ හා උදැසන කාලයන් තුලදි විටින් විට ඝන මීදුම් තත්වයන් පවතින බවත්ය.
මෙම කාලයන් තුලදි වීශේෂයෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන්, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන, යන ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය මාර්ගයේ කුඩාගම, කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය, නුවරඑළිය, යන ප්‍රදේශවල මෙම ඹිදුම් තත්වයන් දැඩිව පවතින බවද ඔහු පැවසිය.
මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානය යොමු කර මෙකි මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතා කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්