මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි තත්වයන් සමග විටින් පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසයි.

මේ පිළිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මෙම දිනවල මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විටින් විට අධික වැසි පවතින බවත් එම වැසි සමග විටින් විට මාර්ග නොපෙනි යන ආකාරයේ දැඩි මීදුම් තත්වයන්ද පවතින බවත්ය.

පවතින වැසි තත්වයන් මත මෙම ප්‍රදේශයේ මාර්ග පද්ධති ලිස්සන සුලු තත්වයන්ට පත්ව ඇති අතර එසේ මාර්ග ලිස්සන සුලු තත්වයන් හා දැඩි මීදුම් තත්වයන් මත මාර්ග නිසි ලෙස නොපෙනි යාම තුලින් මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත්ය.

මෙම තත්වයන් පිළිබදව දැඩි අවදානයන් යොමු කර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts