මධ්‍යම කදුකරයට ඇද හැලෙන වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිම්වලදි වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 09වන දින උදැසන 6.30 පමන වන විට කරන ලද ගනනය කිරිමේදි කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 04යි අගල් 03ක් අඩු  වශයෙන්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 08යි අගල් 09ක් අඩු වශයෙන්ද පැවති බවත්ය.

මෙම දිනවල පවතින වැසි තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍රයෙන් ඉහල යම්න් පවතින බවත් මෙම ජලාශවල ජලය උපයෝගි කර ගෙන මේ වන විට උපරිම ලෙස ජල විදුලිය නිපදවිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories