අධිකරණ නියෝග නොතකා අධිආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇප මත මුදා හැර තිබේ.
යාපනය ප්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් පනවා තිබියදී මෙම පිරිස කළහකාරීව හැසිරෙමින් ඊයේ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඊයේ (11) රාත්‍රියේ යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන්ට ඇප නියම වී ඇත.