උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ වැඩසටහනක්  පැවැත්විය.

ඒ කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ වව්නියාව මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේදීයි.

මෙම අවස්ථාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක මහතා සහ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව සිටියා.

මෙහිදී එම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදෙන ගංවතුර බලපෑම, පානීය පහසුකම් ලබා ගැනීමේ දී භූගත ජලය ලබා ගැනීමේ ගැටලු, පක්ෂීන්ගෙන් එල්ලවන තර්ජන, ඉඩම් ප්‍රශ්න (Flooding, Ground Water, Bird Issues, Land Issues Human Rights Violence) ඇතුළු විෂය ක්ෂේත්‍ර ගණනාවක් යටතේ අවධානයට යොමු කෙරුණු බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.

එම අර්බුද හමුවේ එම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වැසියාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් ද මෙහිදී පැමිණ සිටි නිලධාරීන්ගේ අවධානය යොමු කෙරුණා.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

More Stories