බහුත්වවාදය සහ අන්තර්කරණ සේවා සැපයිම හරහා තිරසාර සාමය ගොඩනැගිම යන මැයෙන් ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය මගින් සංවිධානය කරන ලද වැඩ සටහනක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි.
මෙහිදි අදහස් දැක්වු ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ නියෝජිත අයේෂා මහත්මිය පවසන ලද්දේ ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය ලෙස එහි අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා මහතාගේ මග පෙන්විම මත දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන ලෙස විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරන බවත්ය.
මෙම වැඩ සටහන මලයග ප්‍රජාව වෙනුවෙන් කල යුතු කාර්යන් කෙසේ වියයුතුද මේ වන විට මලයග ප්‍රජාව තුල පවතින විවිධ ප්‍රශ්න පිලිබදව සොයා බලා එය විසදිය යුත්තේ කුමන අයුරින්ද යන්න පිලිබදව බිම් මට්ටම්න් හා ජාතික තලයෙන් කල යුතු දේවල් පිලිබදව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරිමට අවශ්‍ය කරුනු ගොනු කිරිම මෙහි අරමුණ බවද අයේෂා මහත්මිය පවසන ලදි.
මෙහිදි සඹරගමුව විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිලිබදව ජේශ්ඨ කථිකාචාර්ය රවින්ද්‍ර චන්දසිරි පල්ලියගුරු මහතා පවසන ලද්දේ මේ වන ජාතින් වශයෙන් ආගම් වශයෙන් මෙන්ම පලාත් වශයෙන්ද මෙහි ජනතාව බෙදි සිටින බවත්ය.
මේ වන විට මෙ මලයග ප්‍රදේශයේ මෙ බේදිම් වැඩි වශයෙන් පවතිනවා මෙය වෙනස් විය යුතුයි අද උතුර නැගෙන හිර ප්‍රදේශවල උපාධිධාරින් ගුරු පත්විම් ලබා ගෙන මෙ ප්‍රදේශයට පැමිනෙවා එසේ පැමින ටික කලකින් මාරුවක් ලබා ගෙන උතුරු නැගෙනහිර ප්‍රදේශවලටම යනවා මෙ ප්‍රදේශයේ උපාධිධාරින් රැකියා නොමැතිව ගෙවල්වල ඉන්නවා මෙය වෙනස් විය යුතුයි.
මෙහිදි විවිධ රාජ්‍ය ආයතන නිලධාරින් සමාජ ක්‍රියාකාරින් ඇතුළු විවිධ පාර්ෂව විසින් වතුකරය තුල පවතින පානිය ජල ප්‍රශ්න, මාර්ග ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න වැනි විවිධ ගැටළු පිලිබදව අදහස් දැක්විම් සිදු කල අතර මෙම සියළුම කරුනු පිලිබදව අවදාය යොමු කර එම ප්‍රශ්න හා ගැටළු ජාතික තලයේ සමුළුට එක් කිරිමට පියවර ගන්නා බව එම සංවිධායකයන් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts