දකුණේ සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්ද දුන්නොත් පමණක් යැයි සුමන්තිරන් උතුරේ ජනතාවට කියයි යැයි අද මව්බිම පුත්පතේ හා ඒහි ඉංග්‍රීසි පුවත්පත වන සිලෝන් ටුඩේ පුවත්පත සදහන් සිරස්තල මුලුමනින් අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒම්.ඒ. සුමන්තිරන් මහතා ටුවිටර් නිවේදනයක් නිකුත් කරමින්  ප්‍රකාශ කරයි.

මෙවර ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සහාය වඩාත් සුදුසු අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇති බවත්, ඔහුට ඡන්දය ලබා දී සිංහලයන් පරාජය කිරීමක් ගැන තමන් කිසිවිටකත් පවසා නැති බව ඔහු පවසයි.

නොබෙදුණු රටක් තුළ සාමකාමී විසඳුමක් යෝජනා කරන අපට, දේශපාලන හේතුන් මත මෙවැනි ද්වේෂ සහගත ප්‍රකාශ පළ කිරීම සම්බන්ධව කණගාටු බවන බවත්, මේ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද වාර්තා වේ .

Similar Posts