මස්කෙළිය බ්‍රව්න්ලෝ ප්‍රදේශයේදි සිදුවු ලොරි රථ ත්‍රිරෝධ රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 10වන දින සවස මස්කෙළිය බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදි කිරි ප්‍රවාහන කරන ලොරි රථයක් හා ත්‍රිරෝධ රථයක් එකි නෙක ගැටිමෙන් ත්‍රිරෝධ රථයේ ගමන් ගත් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවත්ය.

මෙම ත්‍රිරෝධ රථයට වේගය පාලනය කර ගැනිමට නොහැකිව ඉදිරියෙන් පැමිනි ලොරි රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලීක පරික්ෂනවලින් හෙලිව ඇති බවත් එම අනතුරින් ත්‍රිරෝධ රථයේ පැමිනි හතරදෙනා අතරින් දෙදෙනකු එම ස්ථානයේදි මිය ගොස් ඇති අතර එම දෙදෙනාගේ මල සිරුරුද මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ මෘත ශරිරාගාරය වෙත ගෙන යාමට පියවර ගත් බවත් මෙම අනතුර පිලිබදව මස්කෙළිය පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ අනතුරින් තුවාල ලබා රෝහල් ගත කල තුවාලකරුවන් දෙදෙනාගේ තත්වයන් බරපතල බැවින් එම තුවාලකරුවන් දෙදෙනා වැඩි දුර ප්‍රථිකාර සදහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගත් බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts